දහම් ලිපි...

අඳුරු ලොවට සුහද අරුණෑල්ලක්...



ඔබ දුකට පත් වන්නේ පෙර වු දෙයක් නිසා හෝ ඉදිරියෙදි වෙන දෙයක් නිසා නොව මේ මොහොතේ ඔබේ සිතිවිල්ල හා බැදුණු දේ නිසාය. වර්ථමාන මොහොත ගැන අවධානයෙන් හා අවබෝධයෙන් විසිය හැකි නම් දුක හට ගන්නා හේතුව වැඩි දුරක නොවන බව ඔබට වැටහේවි. හඩන වැලපෙන සැලෙන ලෝකයෙන් මිදී අමා සැනසුම් ලබන මාවතට එය ඔබට මග කියාවී.ලෝකය අපට කරදර කරන්නේ යයි සිතන හැම විටම ඔබ ලෝකයට ඇත්තටම  කරන වද හිංසා මොනවාදැයි සිතා බලන්න. ඔබ ලෝකයට පිඩා කරනු නොලබන්නේ නම් අන් අයද එසේ  කරනු ලබන්නේ මක් නිසාද. ඔබ ඔබ ගැන අවබෝධයෙන් පසු වේනම් මේ හැම ගැටළුවකටම පිළිතුරක් තිබේ.  

ඔබ විටක දුකට පත්වෙන සිදුවීම ගැන මදක් සිතා බලන්න එය මනසේ නිර්මාණය වන සිතිවිල්ලක් වන අතර  නිරුද්ධ වී යන්නකි. එසේ නමුත් අප කරනු ලබන්නේ එය යලි යලිත් ඇති කරගැනීමට හේතු හදා ගන්නා එකය. ඔබට කිසිවෙක් බල්ලා යයි කියා බැන්නේ යයි සිතන්න එය මතක් කරන හැම විටම ඔබම ඔබට බල්ලා කියා කී වරක් නම් කියා ගන්නවා ද ? අතහරින්න අල්ලා නොගන්න එවිට ජිවිතයේ සැබෑ සැනසිල්ලට ඔබට ලගා විය හැකිය. 

කියන්නට පහසු නමුත් කරන්නට මෙය සත්‍ය වසයෙන්ම අපහසුය. අපහසුව ඇත්තේ අප තුල තවමත් හිතුවක්කාරකම හා නොසැලකිල්ල නොසෑහෙන්නට තියෙන නිසාය. රාගය ‍ද්වේෂය මෝහය කැමැති සේ වැඩෙන සිතක එයට වඩා දෙයක් තිබිය හැකි නොවේ. එබැවින් ඔබ ඔබේ ජිවිතය ගැන මදක් සැලකිලි මත් වෙන්න. එසේ කර ඔබ තුල යම් කිසි සංවර බවක් ගොඩ නගාගෙන ලෝකයට කන්දෙන්න. හැම දෙයක්ම බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ගලපන්න ලෝකය ඔබට හැම විටම ධර්මයේ භාෂාවෙන් කතා කරනබව ඔබට වැටහේවි. තෙරුවන් සරණයි.

2 ක් ප්‍රතිචාර දක්වා ඇත:

Nobel Dhamma said...

තෙරුවන් සරණයි

Nobel Dhamma said...

සිංහලයෝ උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නවගුණවැල් අතින් ගෙන නිතර භාවනාවේ යෙදෙති. හොරකම් අතිශයින්ම පිළිකුල් කොට සළකති. කිසිම සිංහලයෙකු කවරදාවත් හොරකම් කළ බවක් මම නොදනිමි. සිංහලයෝ කරුණා කරති. පරහට උපකාර කරති. ආගන්තුකයින්ට දයාවෙන් සංග්‍රහ කරති. සිංහලයෝ ළඟ මේ ගුණ ධර්ම ඇති බව මම අත්දැකීමෙන්ම දනිමි.................එදා හෙළදිව: රොබට් නොක්ස්..

Sadhu Sadhu Sadhu

Post a Comment