ධර්ම සාකච්ඡාව.

ප්‍රශ්නය....

තමන් අතින් නොදැනුවත්ව සතෙකු මැරුණ හොත් එයින් තමාට පවක් සිදුවෙනවා ද..?
පිළිතුර...

එය එසේ නොවේ.....ඒ සාතාගේ ජිවිතයට හානියක් කිරීම පිලිබද ඔබට කිසිදු ආකල්පයක් නොවුනේ නම් එවන් අවස්ථාවන් වලදී ඔබට එයින් පවක් සිදු නොවන්නේ ය. උදාහරණයක් හැටියට...එවිසාල ගලක් මුදුණක සිටිනවා යයි සිතන්න. ඔබ එහෙ මෙහෙ යන අතර ඔබට දකින්නට ලැබුනු කුඩා ගල් කැටයක් ගෙන එය ඒ ගලෙන් පහලට විසිකරයි. එවිට එම ගල වැටෙන තැන කුඹි ගුලක් තිබී එයින් සැලකිය යුතු ප්‍රමාණයක් මරණයට පත්වෙයි. ඔබ ‍ඔබේ විනෝද වීම දිගටම කරගෙන යයි ඒ සිදුවීම ගැන ඔබ කිසිවක් නොදන්නා නිසා ඔබට කිසිදු අයුරකින් ඒ ගැන පසුතැවිල්ලක් ඇති නොවේ. එවිට ඔබට එයින් වනඅකුසලයක්ද නැත.

එසේම ඔබ ගමන් කරන විට ඔබට නොදැනුවත් කමින් කුඩා සතෙකුගේ සිරුර මත ඔබ පය තැබුවා යයි සිතන්න. පුංචි ඉස්පාසුවක්වත් නොලැබ ඔහු මිය යනු ඇත. ඔබ එය දකින්නේ පසුවයි. ඔබට වහාම කණගාටුවක් පසුතැවිල්ලක් ඇති වේ. සංවේදී නිසාවෙන් එවැනි පසුතැවිල්ලක් ඇති වීම ආසාධාරන නොවේ. ඒත්.............

ඔබට ඒ පිළිබද ඔබ දැන දැන කරන ලද දෙයක් සේ පසු තැවිල්ලක් ඇත්නම් ඒ ඔබේ අනවබෝධය නිසා බව දත යුතුය. එසේ නැතිනම් ඔබට එවැනි පසුතැවිල්ලක් ඇති නොවේ.  එයටද වඩා ඉතාමත්ම සුළු වු කරුණු වලදී පවා නොමනා අයුරින් කල්පනා කිරීමෙන් දුගති ගාමී වු අවස්ථා බොහෝමයක් ඇත්තේ ය. එකක් නම් ඒරපත්ථක නාගරාජ කතාවයි එහි එන්නේ වසර විසිදහසක් කාශ්‍යප බුදු සසුනේ සුපිරිසිදු සිල් ඇතිව සිටි භික්ෂුවක් නාග රාජයෙකු වීමේ කතාවයි. එය කෙටියෙන් මෙසේය.

උන්වහන්සේ කාශ්‍යප බුදු සසුනේ බොහෝම සීලවන්ත භික්ෂුන් වහන්සේ නමකි. බොහෝ විට සික්ෂා පද කෙරෙහි දැඩි භක්තියකින් කටයුතු කරමින් සිටි මේ ස්වාමීන් වහන්සේ මේ කියන දිනයෙදී ගංගාතරණයට සුදානම්ව ඔරුවක නැගී සිටියේය. එකල්හි එහි තිබු ගසක අත්තක් පැද්දෙන ඕ‍රුවේ සමබරව සිටීම සදහා ලග තිබු ගසක අත්තක් යන්තමින් අල්ලාගෙන සිටියේ ය. පාරුකාරයා එය දියඹට ගන්නා බවක් උන්වහන්සේට නොහැවට හුණි. අල්ලාගෙන සිටි අත්ත අත්හරින්නට සුළු ප්‍රමාදයක් වුයෙන් ඒ අත්තේ තිබු කොලයක් ඒ උන්වහන්සේ අතට ගැලවී විත් තිබුණි. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට ගසක කොළයක් කැඩීම පාචිත්ති ඇවතකි. එසේ වුවත් එය සචිත්තක ආපත්තියක් බැවින් නොදැනුවත් කමින් කැඩුනේ නම් වරද නැති. එසේ නමුත් මේ භික්ෂුන් වහන්සේ ඒ ගැන සැකයක් ඇති කරගත්තේ ය. සික්ෂා පදය බිදුනේ යයි සිතා ඒ ගැන පසුතැවිලි විය. ගග මැද දියඹදී  ඔරුව පෙරළී ගියේ ය. උන්වහන්සේගේ සිතේ වු පසුතැවිල්ලත් සමග උන්වහන්සේ අපවත් වුහ උන්වහන්සේ උපත ලැබුයේ ඒරපත්ථක නා රජු ලෙසය. මහානුභාව සම්ප්න්න වුවද නාගරාජයෙකි.

නොදැන සිදුවන දේ නිසා ඇති වෙන පසුතැවිල්ල ඉවත් කරගන්නට අප බුද්ධිමත් විය යුතුය. එසේ නොමැති නම් එය පුංචිම දෙයක් වුවත් එයින් අපේ ජිවිතයට එළඹිය හැකි අවැඩ අපමණය.  එබැවින් ධර්මාවබෝධයටම සිත පිහිටුවා ප්‍රඥාවන්තව කටයුතු කිරීමට සිතට ගත යුතුය. යමක් පිලිබද සැකයක් ඇතොත් කල යුත්තේ ඒ ගැන අසා දැන සිත පිරිසිදු කර ගැනීමය. කිමද සිතේ ඇති එවැන් සියුම් දුර්වල තාවයන් නිසා නිරපරාදේ ජිවිතයක වටිනා කම නැතිවි යා හැකි බැවිනි.

0 ක් ප්‍රතිචාර දක්වා ඇත:

Post a Comment