ධර්ම සාකච්ඡාව.

ප්‍රශ්නය...
සඟ සතුව දෙන දානයකදී එහි වැඩම කලේ සාමණේර ස්වාමීන් වහන්සේලා පමණ නම් එම දානය සඟසතු වෙනවාද පහදා දෙන්න.
තේණුජද සිල්වා විසිනි.


පිළිතුර...


බුදු රජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලා හැටියට වදාළේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා  වසයෙනි. එයින් පැවිදි ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුනී නම් වෙයි එසේ සදහන් කරන විට එහි සාමණේර භික්ෂුවද එහි පැවිදි ශ්‍රාවක පිරිසටම අයිතිය.  විනය ධර්මය තුල සංඝ යයි කියනු ලබන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා හතර නමකට හෝ ඊට වැඩි පිරිසකටය. මේ ඒ නිසා ඇති වු අදහසක් විය හැකිය. පිණ්ඩපාතයේ වඩින භික්ෂුවකට වුවද මේ දානය මහා සංඝරත්තනය උදේසා පුජා වේවා කියා යමක් පිළිගැන්වුවෝතින් එය සියළුම සංඝයාට අයිති වන්නේ ය.


සාමණේර භික්ෂුවටද සඝ සතු දේ භුක්ති විදීමේ අයිතියක් ඇත්තේ ය.  පියාණන් සතු දෑ දරුවන් සතු වන්නා සේ ඒවායෙහි අයිතියක් සාමණේර ස්වාමින් වහන්සේලාටද ඇත්තේ ය. එබැවින් සාමණේර නමක් උදේසා වුවද සංඝයා වෙනුවෙන් දානයක් දීමේදී කිසිදු ගැටළුවක් නැති බව කිව යුතුය. 


සංඝයාට ලැබුන දෙයක් පුද්ගලිකව බෙදිය යුතු තැන දී අපලෝපන නම් විනය කර්මයක් කළ  යුතුය. බොහෝ විට අපගේ ස්වාමීන් වහන්සේලා දාන ගෙවල් වල ...දානය සගසතු කිරීමෙන් අනතුරුව අයං පඨමෝ භාගෝ මහා තේරස්ස පාපුණාති, අවසේසා භාගා අම්හාකං පාපුණාති. කියා එහි සිටින වැඩි හිටි භික්ෂුන් වහන්සේට ඒ පිලිගන්වා ලයි මේ කරනු ලබන්නේ ඒ අපලෝපන නම් වු විනය කර්මයයි. එවැනි විනය කර්මයන් කිරීමට නම් උපසම්පදා භික්ෂුන් සතරක් හෝ ඊට වැඩි පිරිසක් අනිවාර්යෙන්ම සිටිය යුතුය. 


ඒ කෙසේ වුවද. ඇද පුටු මේෂ හා ආරාම ආරමවස්තු විහාර විහාර වස්තු ආදිය කිසිලෙසකින් පුද්ගලික අයිතියට පැවැරිය ‍නොහැක්කේ ය. ඒවා සංඝයා පරිභොජනය කරනු ලබන්නේ සාංඝික පරිබෝජනයෙනි. එබැවින් උපසම්පදා භික්ෂුන් නොමැති තැනකදී හෝ සිටිනා තැනකදී සංඝයා වෙනුවෙන් ලැබෙන දානයක් අපලෝපනය නොකරද වැළදීමේ වරදක් නැත. කරුණු මෙසේ හෙයින් සැදැහැති දායකයන්ට භික්ෂුන් වහන්සේලා උපසම්පදා හෝ නොවුවද බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවකය් වහන්සේලා උදේසා සඝසතුව යමක් පුජා කිරීමට හැකියාවක් ඇත්තේ ය. 

0 ක් ප්‍රතිචාර දක්වා ඇත:

Post a Comment