සමීපාතීතයෙන් පාඩම් උගෙනිමු.

සිංහලයෝ වනාහී දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුනටම වඩා යහපත් අය වෙති. භාග්‍ය 
සම්පන්න වෙති.  ඔව්හු මධුර කථා ඇති ආචාරශීලි මනුෂ්‍යයෝ ය.සිංහලයාගේ ගුණ ධර්ම සැකෙවින් වර්ණනා කරතොත් මෙසේ ය. ඔවුන් ගේ ගමන් ලීලාවද හැසිරීම ද ඉතා උදාරය. යම් කිසි‍වක් වහා තේරුම්ගත හැකි විචක්ෂණ ඥාණයක්  සිංහලයනට ඇත්තේ ය.
සම්පුර්ණ විස්තරයට.


වෙනස් වෙන ලෝකයට ඇයිද මේ බය වෙලා...

ඔබට අයත් හෝ ඔබට අයත් නොවන හෑම රූපයක්ම ඔබ ඉදිරියට එද්දි "අනිච්ච" (වෙනස් වෙලා යන දෙයකි) යනුවෙන් ඒ ගැන දැනගන්න ඔබ තුල ඇතිවෙන සැප සහගත හෝ දුක් සහගත හෝ උපෙක්ෂා සහගත වේදනාවක් පාසාම "අනිච්ච" (‍වෙනස් වෙලා යන දෙයකි) යනුවෙන් ඒ ගැනත් දැනගන්න.


2 ක් ප්‍රතිචාර දක්වා ඇත:

Seelagawesi Thero said...

කරුණාව මහා පුදුමයි. නිතරම දුකේදී පිහිටවීමට කරුණු සකස් කර ගනියි. මුදිතාවත් මහා පුදුමයි. අන් අයගේ යහපත හා සැපය වෙනුවෙන් බොහෝ දේ කැපකරන්නට අපව පුරුදු කරයි.

ගරු සාගර හිමියණි............,

ඔබත් මහා පුදුමයි. බොහෝ දේ උපෙක්ෂාවෙන් දරාගෙන ලෝක යහපත වෙනුවෙන් බොහෝ දේ කැපකරුයි. නිරතුරුවම ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

sagarasumana thero said...

අන් අයගේ ගුණයක් දැකලා ඒ ගැන සතුටු වෙන්න පුළුවන් මුදිතාව තියෙන කෙනාටමයි නැත්නම් එයා ඊරිසියාවෙන් යුතුව ඒ ගුණ මකන්නට කටයුතු කරනවා..

ගෞරවණීය ස්වාමීන් වහන්ස.! ලෝකයට සතුට සදන ඔබ වහන්සේට බොහෝම පිං ඔබ වහන්සේලාගේ නොවක් ආසිර්වාදය අපට බොහෝම
වටිනවා..

Post a Comment